මේ වන විට නිර්මාණය වී ඇති ආර්ථික, දේශපාලනික හා සමාජයීය අර්බුදය හේතුවෙන් අප රට දැඩි අස්ථාවරත්වයකට පත් වී ඇති අතර මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් මිදීමට කඩිනම්, විධිමත් හා ස්ථිරසාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය, වගකිවයුතු වෘත්තීය සංගමයක් වශයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් හඳුනා ගන්නා ලදී.
ඒ අනුව, අප සංගමයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විවිධ ක්ෂේත්රවල පළපුරුදු නිලධාරීන්ගේ දායකත්වය ලබා ගනිමින් රජය වෙත ඉදිරිපත් කිරීම සඳහා කඩිනම් යෝජනාවලියක් සකසන ලද අතර එහි පිටපත් ගරු මුදල් අමාත්‍යතුමා වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා, ජනාධිපති ලේකම්තුමා හා අග්‍රාමාත්‍ය ලේකම්තුමා වෙතත් ලබා දෙන ලදී.
මීට අමතරව, සර්ව ආගමික නායකයින්, සිවිල් සංවිධාන, වෘත්තීය සංගම් මෙන්ම විද්‍යුත්, මුද්‍රිත හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හරහා මෙම යෝජනාවලිය ජනගත කිරීම සඳහා පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් තීරණය කරන ලද අතර, එම වැඩසටහනේ සමාරම්භක අවස්ථාව 2022.04.18 වන දින මධ්‍යාහ්න 12.00 ට කොළඹ 07, මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වීමට කටයුතු කරන ලදී.
මෙම යෝජනාවලිය පිළිබඳව ඔබගේ යෝජනා sasa.execo@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කළ හැකි ය.
යෝජනාවලිය ජනගත කිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය:
Please login! You can post a comment afterwards.